Although there are 11 players on a team there are several commonly used ways to arrange them. |
සාමාන්‍යයෙන් කණ්ඩායමක ක්‍රීඩකයන් 11 දෙනෙකු ක්‍රීඩා කළත් පොදුවේ ඔවුන් පිටිය තුළ ස්ථානගත කරන ක්‍රම කිහිපයක් පවතී. |
The two most commonly used formations today are probably the 4-5-1, 4-3-3, and the 4-4-2 (note: first # is the # of defenders, the second midfielders, and third forwards) although there are some different variations of each. |
වර්තමානයේ වැඩි වශයෙන් භාවිත කරන ක්‍රීඩක සැකසීම් තුන ලෙස 4-5-1, 4-3-3 සහ 4-4-2 (සටහන: මෙහි පළමු ඉලක්කමෙන් පසුපෙළ ක්‍රීඩකයන් සංඛ්‍යාවද දෙවනි හා තෙවැනි ඉලක්කම් වලින් පිළිවෙළින් මැදපෙළ සහ ඉදිරිපෙළ ක්‍රීඩකයන් සංඛ්‍යාව ද දැක්වේ.) දැක්විය හැකි වුවත් මේවා එක එකක වෙනස් ආකාර කිහිපයක් දැකිය හැකි ය. |
Two variation of a 4-4-2 are the "flat back four" and a "diamond back" or "sweeper, stopper" where the back four defenders form a diamond with the stopper ahead of the sweeper. |
4-4-2 හි වෙනස් ආකාර දෙකක් ලෙස "ෆ්ලැට් බැක් ෆෝර්" සහ "ඩයමන්ඩ් බැක්" හෝ "ස්වීපර්, ස්ටොපර්" දැක්විය හැකි අතර මෙහි දී "ස්වීපර්" ක්‍රීඩකයාට ඉදිරියෙන් සිටින "ස්ටොපර්" ක්‍රීඩකයා සමඟ එක්ව පසුපෙළ ක්‍රීඩකයන් සතරදෙනා දියමන්තියක ආකාරයට පෙළගැසේ. |
Other less commonly used formations are the 3-6-1, 4-2-4, and the 3-5-2. |
අඩු වශයෙන් භාවිත වන අනෙකුත් ක්‍රීඩක සැකසීම් ලෙස 3-6-1, 4-2-4 සහ 3-5-2 දැක්විය හැකි ය. |
Changes can be made in the formations according to the position of the game . |
අවස්ථානුකූලව තරගය අතරතුර මෙම ක්‍රීඩක සැකසීම් සඳහා වෙනස්කම් සිදු කළ හැකි ය. |
If one team has scored only single goal ,they can change formations in the closing stages of the match or they can put more players forward to score more goals when they are trailing by a goal. |
යම් කණ්ඩායමක් එක් ගෝලයක් පමණක් ලබා තිබෙන විට, තරඟයේ අවසාන අදියරේදී ක්‍රීඩක සැකසීම් වෙනස් කිරීම හෝ ඔවුන් එක් ගෝලයක් පසුපසින් සිටින විට වැඩි ගෝල ප්‍රමාණයක් ලබා ගැනීමට ක්‍රීඩකයන් වැඩි පිරිසක් ඉදිරියට ගෙන යාම සිදු කළ හැකි ය.. |
A football match consists of two halves and each half is 45 minutes long. |
පාපන්දු තරගයක් විනාඩි 45 ක අර්ධ දෙකකින් යුතු වේ. |
Between the two halves, there is an interval, which is not more than 15 minutes long. |
තරගයේ අර්ධ දෙක අතර විනාඩි 15 නොඉක්මවන විවේක කාලයක් ලබා දේ.
|
Stoppage time (also called injury time) is the time added on at the end of each half at the discretion of the referee. |
"ස්ටොපේජ් ටයිම්" (ක්‍රීඩක ආබාධ කාලය) යනු විනිසුරුවරයාගේ තීරණයට අනුව එක් එක් අර්ධය අවසානයේ එකතු කරන කාල සීමාව වේ. |
The stoppage time added is roughly proportional to the length of delays in the game. |
මෙම "ස්ටොපේජ් ටයිම්" කාල සීමාව, තරගය අතරතුර සිදුවන ප්රමාදයන්ගේ එකතුවට දළ වශයෙන් සමානුපාතික වේ. |
These delays may be due to injuries, time lost through substitutions, general time wasting, etc. |
මෙම ප්‍රමාදවීම්, ක්‍රීඩක ආබාධ,ක්‍රීඩක ආදේශ සහ අනෙකුත් කාලය ගතවන ක්‍රියාවන් නිසා සිදු විය හැකි ය. |
Although these may seem insignificant, stoppage time can be crucial for losing teams to equalize or even win. |
මෙම "ස්ටොපේජ් ටයිම්" කාල සීමාව නොවැදගත් සේ පෙනුන ද මෙම කාල සීමාව පරාජයට පත්වෙමින් සිටින කණ්ඩායමකට තරගය සම කිරීමට හෝ ජයග්‍රහණය කිරීමට හෝ හැකියාවක් පවතින ඉතා වැදගත් කාල සීමාවක් ලෙස සඳහන් කළ හැකි ය.. |
A notable example is the 2013-14 UEFA Champions League final between Real Madrid and Atletico Madrid. |
උදාහරණයක් ලෙස Real Madrid හා ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් අතර පැවැති 2013-14 UEFA චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟය දැක්විය හැකි ය.. |
Atletico Madrid were leading 1-0 when Sergio Ramos of Real Madrid equalized in stoppage time. |
ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් කණ්ඩායම 1-0 ලෙස ඉදිරියෙන් සිටි අතර "ස්ටොපේජ් ටයිම්" කාල සීමාවේ දී රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ සර්ජියෝ රමෝස් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේ ය. |
The game went into extra time whereby Madrid won 4-1 leading to their tenth European title. |
අතිරේක කාලය දක්වා තරගය ඇඳී ගිය අතර අවසානයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායම 4-1 ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ඔවුන්ගේ දසවන යුරෝපීය ශූරතාවය දිනා ගනු ලැබිණි. |
Another instance in point is the 1998-99 UEFA Champions League Final between Bayern Munich and Manchester United. |
බේයර්න් මියුනිච් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් අතර පැවති 1998-1998 UEFA චැම්පියන්ස් ලීග් අවසන් තරගය තවත් අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය. |
Bayern Munich scored an early goal and controlled most of the match, until Manchester United turned things around with two goals in the 91st and 93rd minutes of the game to win 2-1. |
තරගය ආරම්භ වී මඳ වේලාවකින් බේයර්න් මියුනිච් කණ්ඩායම පළමු ගෝලය ලබාගත් අතර තරගය තුළ වැඩි වේලාවක් ඉදිරියෙන් සිටි නමුත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 91 වන විනාඩියේදී සහ 93 වන විනාඩියේදී ගෝල වාර්තා කරමින් තරගය කණපිට හැරවූහ. |